ශරියාවේ උතුම් පරමාර්ථය එදත් අදත් හෙටත් නොවෙනස්ව පවතින දෙයකි. එය හුදු දණ්ඩ නීති සංග්‍රහයක් ලෙස හුවා දක්වමින් අත්, බෙලි කැපීම හෝ ගල් ගසා මරණයට පත් කිරීමක් ලෙස අර්ථ දැක්වීමට අද බොහෝ දෙනෙක් පෙළඹෙනවා. එහිදි ඉස්ලාම් උලමා කියන ගෝත්‍රික ලෙබ්බෙවරුන් මුල් තැන ගන්නවා. එය ඉතාමත් භායානක සාවද්‍ය අර්ථකතනයක්. එමෙන්ම ලෝකයේ 'කිලාෆා' කියන ඉස්ලාමීය රාජ්‍ය පාලනයක් නොමැති නිසා මෙවැනි නීති ක්‍රියාත්මක කිරීමේදි ගැටලු මතුවන බවත්, එනිසා මුලින්ම එම කිලාෆාව ඇතිකල යුතු බවත් සමාජය තුල මතයක්ද ගොඩනගාගෙන තිබෙනවා.
ශරියාව කියන්නේ මිනිසාගේ උදාරත්වය, මනුෂ්‍යත්වයෙහි අගය, සමානත්මතාව, මානව හිමිකම්, යුක්තිය හා සාධාරණය, නීතිය වැනි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ගමන් කරන එකකි. මෙකී ක්ෂේත්‍රයන් ඔස්සේ මිනිසාගේ ජීවන ගුණාත්මකභාවය ඉහළ නංවාලීම ශරියාව අපේක්ෂා කරන උතුම් පරමාර්ථයයි. උදාහරණයකට නෝර්වේ ස්වීඩනය වැනි රටවල මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වෙනුවට පුනුරුත්ථාපනය කිරීමත් එම පරමාර්ථයේම කොටසක් වෙනවා. දැනට ලංකාවේ ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතියද ශරියාවට උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ලෙබ්බේ ශරියාව ක්‍රියාත්මක වන සවුදි රාජ්‍යය තුල මේ කියන 'ලෙබ්බේ ශරියාව' අවශ්‍ය යැයි කියන කොටස ජීවත් වීමට දැඩි බියක් දක්වන අතර ඉහත කී යුරෝපානු ශරියාවේ ජීවත් වීමට ඇලුම් කරති. හේතුව ඔවුන් දැඬුවම් විදීමට ඇති බියට වඩා එහි යුක්තිය, සාධාරණත්වය, නිදහස සහ ආරක්ෂාව භුක්ති විදීමට ඇති ඇල්මයි.
ලොවට දූතවරුන් දායාද කිරීමේ මූලික අරමුණ සහ එයින් අපේක්ෂා කරන උතුම් පරමාර්ථය පැහැදිලි කරන කුරාන් වැකි කිහිපයක්.
සෑම සමූහයකටම ධර්ම දූතයකු විය. ඔවුන්ගේ ධර්ම දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්ති ගරුකව තීන්දු දෙන ලදී. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
10:47
සැබැවින්ම අපි අපගේ දහම් දූතවරු පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා අතර යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු.
57:25
No comments:
Post a Comment