Friday, January 15, 2021

භූමදානය, ආදාහනය, සහ මිනිස් අයිතිවාසිකම්

 ඉස්ලාම් දහම තුල අනුමැතිය දී ඇත්තේ භූමදානයට පමණද? මුලින්ම කුරානය පිළිබඳ ඉතා කෙටියෙන් බලමු. ඉස්ලාම් දහම පිළිපදින්නන්ගේ විශ්වාසයට අනූව කුරාණය තුල දේව වාක්‍යයන් අඩංගු වන අතර කුරානයේ අඩංගු වාක්‍යන් වලට අපි අරාබි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "ආයාහ්" යනුවෙන්. ආයාහ් යනු 'සංඥා එහෙම නැත්නම් සාධක' යනුවෙන්. බොහෝ දුරට අපිට මෙම සංඥා හෝ සාධක වලින් ඍජු අර්ථයක් ලබාගෙන නිගමනයකට එන්න බැහැ. උදාහරණයකට මාර්ග වර්ණ සංඥා වර්ණවලින් යම් පණිවිඩයක් ලබා ගන්නවා මිස ඇසට ප්‍රියජනක සහනයක් ලබා ගන්නේ නැහැ. දැන් මාතෘකාවට යමු. මුලින්ම භූමදානය පිළිබද කුරානයේ සඳහන් වන ආකාරය දෙස බලමු. "තම සහෝදරයාගේ දේහය වසා දැමිය යුත්තේ කෙසේ දැ යි ඔහුට පෙන්වා දෙනු පිණිස අල්ලාහ් කපුටෙක් එවීය. ඌ පොළොව හෑරීය. අහෝ ! මා මෙම කපුටා මෙන් වන්නට හෝ නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසා දමන්නට තිබුණි යැයි පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතුරින් විය."කුරානය 5:31මෙය ලොව මුල්ම මිනිසා හෙවත් ආදම්ගෙ දරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පහළ වුණු කුරාන් වැකියකි.  වැකියෙන් ඍජු නිගමනයකට එළඹෙනවානම් අපි කල යුත්තේ. මෘත දේහයක් භූමදානය කිරීමයි. නමුත් අපි එම වැකියේ සංඥාවක් හෝ සාධකයක් ලෙස ගත්කල එය එසේ විය හැකිද? දැන් අපි ඒ ගැන බලමු. පොසිල සාක්ෂි සාධකවලට අනූව මුල් වරට ගින්දර භාවිතා කර ඇත්තේ මීට වසර මිලියන 1.5ත් 2කට පෙර කාලය තුලයි. ආගමික විශ්වාසයට අනූව වසර මිලියන දෙකකට පෙර විසූ ආදම්ගේ පුතුන් හට දෙවියන් ගිනි මැලයක් උපයෝගී කොට ගෙන ආදාහනය පිළිබඳ පණිවිඩයක් ලබා දීම කෙතරම් දුරට ප්‍රායෝගික විය හැකිද?"මා මෙම කපුටා මෙන් වන්නට හෝ නොහැකි වූයෙම් ද එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසා දමන්නට තිබුණි යැයි පැවසීය." මරණයට හේතුව දෙදෙනා අතර ඇති වූ ගැටුමක් වූ නමුත් ඔවුන්ගෙන් කෙනෙකු මරණයට පත්වුවා නම් එම මෘත දේහයට අවමන් නොකර ගෞරවාන්විතව අවසන් කටයුතු ඉටුකිරීමේ පණිවිඩයයි කපුටාගේ එම ක්‍රියාවෙන් නිරූපණය වන්නේ. තවත් විදිහකට කියනවනම්, ජීවතුන් අතර සිටින පුද්ගලයෙකු සමග ගෞරවාන්විතව කටයුතු කල යුත්තේ කෙසේද ඒ හා සමාන ආකාරයට මරණයෙන් පසු මෘත දේහයටත් ගෞරවාන්විතව අවසන් කටයුතු කිරීමයි.මෙය තව දුරටත් සනාත කිරීම සඳහා වෙනත් සාධක දෙස බලමු. ජනාසාවක් (මෘත දේහයක්) අප පසු කර ගියේය.  මෙය දුටු නබි (සල්) තුමානන් සිටගත්තේය.  අපිත් සිටගත්තෙමු.  අල්ලාහ්ගේ දූතයාණෙනි!  මෙය යුදෙව්වෙකුගේ මෘත දේහයක් යැයි අප පැවසුවෙමු. '  එවිට නබිතුමාණෝ 'ඔබ ජනාසාවක් දුටු විට නැගී සිටින්න' යැයි පැවසූහ.බුහාරි 1311, 1313ඔබගෙන් යමෙකු ජනාසාවක්(මෘත දේහයක්) දුටු විට ඔබ එම දේහය සමඟ ඇවිද යන්න. එසේ නොහැකිනම්, එය පසුකර යනතෙක් නැගිට සිටින්න'බුහාරි 1308තවත් මූලාශ්‍රයන් සඳහා බුහාරි 1307, 1310, 1311, 1113 බලන්න. මුලින් සඳහන් කුරාන් වැකිය සළකා බැලීමේදි අපට පෙනී යන්නේ භූමදානය කියන සංස්කෘතිය ආදම්ව විශ්වාස කරන යුදෙව්, කිතුණු, ඉස්ලාම් ජනයාගේ පරම්පරාවෙන් පැවත එන පරම්පරාගත සම්ප්‍රදායික චාරිත්‍රයක් බවයි.  එහෙනම් අදාහනය තහනම් වූ ක්‍රියාවක්ද? මා දැනුවත්ව මෘත දේහයක් අදාහනය, භූමදානය හෝ සත්වදාන තහනමක් පිළිබඳ කුරානයේ හෝ හදීසයේ සඳහනක් නැහැ. එසේ යම් තැනක තහනමක් පිළිබඳ සටහන් වී ඇත්නම්, ඕනෑම කෙනෙකුට සාධක ඉදිරිපත් කිරීමට මෙහි අවස්තාව තිබෙනවා.  නමුත් ඉහත සඳහන් සියළුම ක්‍රම අතුරින් මිනිස් වර්ගයාට නැත්නම් පරිසරයට අවම හානියක් සහිත ක්‍රමයක් තෝරා ගැනීම අපගේ වගකීමකි.   භූමදානය, ආදාහනය සහ සංස්කෘතියඉස්ලාම් දහම තුල අනුමැතිය දී ඇත්තේ භූමදානයට පමණද? මුලින්ම කුරානය පිළිබඳ ඉතා කෙටියෙන් බලමු. ඉස්ලාම් දහම පිළිපදින්නන්ගේ විශ්වාසයට අනූව කුරාණය තුල දේව වාක්‍යයන් අඩංගු වන අතට කුරානයේ අඩංගු වාක්‍යන් වලට අපි අරාබි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ "ආයාහ්" යනුවෙන්. ආයාහ් යනු 'සංඥා එහෙම නැත්නම් සාධක' යනුවෙන්. බොහෝ දුරට අපිට මෙම සංඥා හෝ සාධක වලින් ඍජු අර්ථයක් ලබාගෙන නිගමනයකට එන්න බැහැ. උදාහරණයකට මාර්ග වර්ණ සංඥා වර්ණවලින් යම් පණිවිඩයක් ලබා ගන්නවා මිස ඇසට ප්‍රියජනක සහනයක් ලබා ගන්නේ නැහැ. දැන් මාතෘකාවට යමු. මුලින්ම භූමදානය පිළිබද කුරානයේ සඳහන් වන ආකාරය දෙස බලමු. "තම සහෝදරයාගේ දේහය වසා දැමිය යුත්තේ කෙසේ දැ යි ඔහුට පෙන්වා දෙනු පිණිස අල්ලාහ් කපුටෙක් එවීය. ඌ පොළොව හෑරීය. අහෝ ! මා මෙම කපුටා මෙන් වන්නට හෝ නොහැකි වූයෙම් ද?. එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසා දමන්නට තිබුණි යැයි පැවසීය. පසුව ඔහු පසුතැවිලිවන්නන් අතුරින් විය."කුරානය 5:31මෙය ලොව මුල්ම මිනිසා හෙවත් ආදම්ගෙ දරුවක් දෙදෙනා සම්බන්ධයෙන් පහළ කෙරුණු කුරාන් වැකියකි.  වැකියෙන් ඍජු නිගමනයකට එළඹෙනවානම් අපි කල යුත්තේ. මෘත දේහයක් භූමදානය කිරීමයි. නමුත් අපි එම වැකියේ සංඥාවක් හෝ සාධකයක් ලෙස ගත්කල එය එසේ විය හැකිද? දැන් අපි ඒ ගැන බලමු. පොසිල සාක්ෂි සාධකවලට අනූව මුල් වරට ගින්දර භාවිතා කර ඇත්තේ මීට වසර මිලියන 1.5ත් 2කට පෙර කාලය තුලයි. ආගමික විශ්වාසයට අනූව වසර මිලියන දෙකකට පෙර විසූ ආදම්ගේ පුතුන් හට දෙවියන් ගිනි මැලයක් උපයෝගී කොට ගෙන ආදාහනය පිළිබඳ පණිවිඩයක් ලබා දීම කෙතරම් දුරට ප්‍රායෝගික විය හැකිද?"මා මෙම කපුටා මෙන් වන්නට හෝ නොහැකි වූයෙම් ද එසේ නම් මම මාගේ සහෝදරයාගේ දේහය වසා දමන්නට තිබුණි යැයි පැවසීය." මරණයට හේතුව දෙදෙනා අතර ඇති වූ ගැටුමකි. ඔවුන්ගෙන් කෙනෙකු මරණයට පත්වුවා නම් එම මෘත දේහයට  අවමන් නොකර ගෞරවාන්විතව අවසන් කටයුතු ඉටු කිරීමේ පණිවිඩයයි කපුටාගේ එම ක්‍රියාවෙන් නිරූපණය වන්නේ. තවත් විදිහකට කියනවනම්, ජීවතුන් අතර සිටින පුද්ගලයෙකු සමග ගෞරවාන්විතව කටයුතු කල යුත්තේ කෙසේද ඒ හා සමාන ආකාරයට මරණයෙන් පසු මෘත දේහයටත් ගෞරවාන්විතව අවසන් කටයුතු කිරීමයි.මෙය තව දුරටත් සනාත කිරීම සඳහා වෙනත් සාධක දෙස බලමු. ජනාසාවක් (මෘත දේහයක්) අප පසු කර ගියේය.  මෙය දුටු නබි (සල්) තුමානන් සිටගත්තේය.  අපිත් සිටගත්තෙමු.  අල්ලාහ්ගේ දූතයාණෙනි!  මෙය යුදෙව්වෙකුගේ මෘත දේහයක් යැයි අප පැවසුවෙමු. '  එවිට නබිතුමාණෝ 'ඔබ ජනාසාවක් දුටු විට නැගී සිටින්න' යැයි පැවසූහ.බුහාරි 1311, 1313ඔබගෙන් යමෙකු ජනාසාවක්(මෘත දේහයක්) දුටු විට ඔබ එම දේහය සමඟ ඇවිද යන්න. එසේ නොහැකිනම්, එය පසුකර යනතෙක් නැගිට සිටින්න'බුහාරි 1308තවත් මූලාශ්‍රයන් සඳහා බුහාරි 1307, 1310, 1311, 1113 බලන්න. මුලින් සඳහන් කුරාන් වැකිය සළකා බැලීමේදි අපට පෙනී යන්නේ භූමදානය කියන සංස්කෘතිය ආදම්ව විශ්වාස කරන යුදෙව්, කිතුණු, ඉස්ලාම් ජනයාගේ පරම්පරාවෙන් පැවත එන පරම්පරාගත සම්ප්‍රදායක් බවයි.  එහෙනම් අදාහනය තහනම් වූ ක්‍රියාවක්ද? මෘත දේහයක් අදාහනය, භූමදානය හෝ සත්වදාන තහනමක් පිළිබඳ කුරානයේ හෝ හදීසයේ කිසි තැනක සඳහන් වීමක් කරනැහැ. එසේ යම් තැනක තහනමක් පිළිබඳ සඳහම් වී ඇත්නම්, ඕනෑම කෙනෙකුට සාධක ඉදිරිපත් කිරීමට මෙහි අවස්තාව තියනවා.  නමුත් ඉහත සඳහන් සියළුම ක්‍රම අතුරින් මිනිස් වර්ගයාට නැත්නම් පරිසරයට අවම හානිය තෝරා ගැනීමට වගබලා ගැනීම අපගේ වගකීමක්. උදාහරණයකට භූමදානය නිසා කෝවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ හැකියාවක් තිබේ යැයි විද්‍යාත්මකව සනාත වී ඇත්නම්, එය අදාහනය කිරීම සුදුසු වන අතර, හානියක් නොවන සාමාන්‍ය තත්වයකදී අදාහනයට සාපේක්ෂව භූමදානය පරිසර හිතකාමි නම් භූමදානය සුදුසු වේ. ටිබෙට් වැසියන් මෙන් මෘත දේහය ගිජු ලිහිනියන් හට දානය පිණිස ලබා දෙන කුරුලුදානය පරිසර හිතකාමී නම් ඒ ක්‍රමයද අනුගමනය කල හැක. මෙම ක්‍රමයේදී එක් සත්ව කොට්ටාශයකට පමණක් දානය ලැබෙන අතර භූමදානයෙන් පාංශු ජීවීන් බොහෝමයක් ප්‍රයෝජන ලබයි. එමගින් ශාක සත්ව ඇතුළුව මිනිසාද ප්‍රයෝජනයක් ලබයි. ඉහත ක්‍රම විවිධ ප්‍රදේශයන් වලට ආවේණික වූ විවිධ භූගෝලීය පරිසර සාධක මත පදනම් වූ සංස්කෘතික චාරිත්‍රයක් මිසක් ආගමික ඉගැන්වීමක් හැටියට සළකන්න නැහැ. එක් සමූහයකට අයිති සංස්කෘතික චාරිතයක් තවත් එක්  සමූහයකට පිළිකුල් සහගත වීමත් හාස්‍යජනක වීමත් සාමාන්‍ය කරුණකි. නමුත් ශ්‍රී ලංකාව වැනි  සංස්කෘතික විවිධත්වයකින් යුතු ජන සමූහයක් තමන්ගේ සංස්කෘතිය පමණක් උසස් බවත් ඊට සාපේක්ෂව අනෙකුත් සංස්කෘතින් පහත් බවත් ඇති කරගෙන තිබෙන ආකල්පමය මානව කේන්ද්‍රණවාදය සංවර්ධනය කරා යන ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත් සුදුසු වන්නේ නැහැ. අගතියෙන් තොරව අනෙකාගේ සංස්කෘතික අයිතිවාසිකම්වලට ඉඩ දීමටත්, ගරු කිරීමටත් අප පුරුදු පුහුණු විය යුතුයි.

No comments:

Post a Comment