Friday, February 1, 2019

මුස්ලිම්, මුඃමින් සහ කාෆිර් අල් කුර්ආනීය දෘෂ්ටියෙන්

සියලු මනුෂ්‍යයෝ නිදහස්ව උපත ලබා ඇත. ගරුත්වයෙන් හා අයිතිවාසිකම් වලින් සමාන වෙති. එම
යුක්තිය, සාධාරණත්වය, නිදහස, ගරුත්ව සහ ආරක්ෂාව අගයන නීතිගරුක, යුක්තිගරුක, ගුණගරුක, සමාජයක් ලොව ස්ථාපිත කිරීම අල් කුර්ආනයේ එකම උතුම් පරමාර්ථය වේ.

අල් කුර්ආනීය භාෂා ව්‍යවහාරයට අනූව,

1. දේව ග්‍රන්තය අපේක්ෂා කරන උතුම් පරමාර්ථයන් ලොව අනුගමනය කරන්නන් මුස්ලිම්වරුන් ය. followers of Alquran's teaching (Higher objectives) = Muslims.

2. දේව ග්‍රන්ථයේ හිමිකරු විශ්වාස කරන්නන් මුඃමින්වරුන්‍ ය. Believers of God = Mu'min


මෙහිදී අල් කුර්ආනය මුඃමින්වරුන් යැයි ලබා දෙන්නා වූ නිර්වචනය, වර්තමානයේ අප විසින් මුස්ලිම්වරුන් යැයි ලබා දී ඇත.


3. දේව ග්‍රන්ථයේ හිමිකරුව විශ්වාස කර, උසස් පරමාර්ථයන්, සාරධර්මයන් ලොව අනුගමනය කරන්නන් මුෆ්ලිහීන්වරුන් ය. (followers of Alquran's teaching (Higher objectives) while believing God = Muflih

قَالَتِ الْأَعْرَابُ آمَنَّا قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَاوَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ وَإِنْ تُطِيعُوا اللَّهَوَرَسُولـَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا إِنَّ اللَّهَ غَفُورٌرَحِيمٌ

අපි විශ්වාස කළෙමු යැයි ගැමි අරාබිවරු පැවසීය. නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුල් වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහාකරුණාන්විතය.
49:14
--------------------------------------------------------------------------------------------------------------------------


අල් කුර්ආනීය දැක්මට අනූව, මිනිසා වර්ග තුනකට සාරාංශගත කල හැක.

1. යම් සමාජයක අයුක්ති සහගත අසාධාරණයන් සිදුකරන්නා සහ ඊට අනුබල දෙන්නා. (කාෆිර්)

2. එම සමාජයේ යුක්තිය සහ සාධාරණත්වය පිළිගෙන, එය ආරක්ෂා කර පෝෂණය කරන්නා. (මුස්ලිම්)

3. එම සමාජයේ යුක්තිය සහ සාධාරණත්වය පිළිගෙන, අයුක්තියට සහ අසාධාරණත්වයටත් එරෙහි වී, දේව විශ්වාසයද තබන්නා. (මුෆ්ලිහීන්)

වර්තමානයේ අප මුස්ලිම් නොවන්නන් ලෙස සලකනු ලබන බහුතරයක්, අල් කුර්ආනයේ ව්‍යවහාරයට අනූව, මුස්ලිම්වරු හැටියටත්, ඔවුන් මුඃමින් නොවන්න ලෙස සැලකීම ඉතා උචිත යැයි අප සැලකිල්ලට ගත යුතුයි.

2 comments:

  1. සලාම් අලෛකුම්

    අපි විශ්වාස කළෙමු යැයි ගැමි අරාබිවරු පැවසීය. නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට අපි විශ්වාස කළෙමු යැයි ගැමි අරාබිවරු පැවසීය. නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුල් වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය මහාකරුණාන්විතය.
    49:14

    මෙතන සිංහල පරිවර්තනය තුල "දේව විශ්වාසය ඇතුල් වූයේ නැත." තැන දේව විශ්වාස යැයි අදාල ආයාවේ කුරානයේ අරාබි භාෂාවෙන් තියෙව වදන ටිකක් පවසන්න

    ReplyDelete
    Replies
    1. وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ

      Delete